(බුදුරදුන් මාර පරාජය කළ අවස්ථාව)
  "මහණෙනි,මෙලොව මාර බලය තරමට දුකසේ
   මැඬලිය යුතු වෙනත් බලයක් බුදු ඇසට
   නොපෙනේ."


   "එසේම මහණෙනි, අදිපති බව දරන්නවුන්
    අතුරින් මාරයාම අග්‍රවේ."



2.) ඉඳුරන් කෙරෙන් මතුවන මාර බලවේගය


(බුදුරදුන් මාර පරාජය කළ අවස්ථාව
 මාරයා :- "දරුවන් ඇති කෙනා දරුවන් නිසා සතුටු වෙයි. ධනය ඇති කෙනා ධනය නිසා සතුටු වෙයි. කෙලෙස් ඇති කෙනා කෙලෙස් නිසා සතුටු වෙයි. යමෙකුට කෙලෙස් නැද්ද ඔහුට සතුටක් නැත."


බුදුරදුන්ගේ පිළිතුර :- "දරුවන් ඇති කෙනා දරුවන් නිසා සෝක වේ. ධනය ඇති කෙනා ධනය නිසා සෝක වේ. කෙලෙස් ඇති කෙනා කෙලෙස් නිසා සෝක වේ. යමකුට කෙලෙසුන් නැද්ද ඔහු සෝක නොවෙයි."


"..කලින් කලට අසුරයන් බලවත් වෙනවා. බුද්ධ ශාසනය අතුරුදන් වන්නේත් අසුර බලවේග බලවත් වීමෙන්. මේ බලවේගය මුළුමනින්ම මාරයාගේ ග්‍රහණයේයි පවතින්නේ. මේ අසුර බලයට මේ ලෝකය සහමුලින්ම ධර්මයෙන් ඈත්කරන්නට හැකියාව තිබෙනවා. ධර්මය පිළිබඳ විකෘති මතවාද ඉදිරිපත් කරවන්නත් පුළුවන්. ධර්මය විකෘති කරවන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමේ කාර්යභාරයට මේ අසුර බලවේග පූර්ණ සහාය දෙනවා. ඒ වගේම ධර්මය ඉස්මතු කරවීමට කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය විනාශ කරවීමට කටයුතු සැලැස්වීමත් මේ අයගේ කාර්යයක්. විමුක්ති සාධන වැඩපිළිවෙළට එරෙහිව කතාබස් කරන මොනතරම් පිරිසක් මේ සමාජයේ සිටිනවා ද? මේ අය දන්නේ නෑ මේ අය නොදැනුවත්වම නියෝජනය කරන්නේ මාර පාර්ශ්වය බව.."



3.) තණ්හා රතී රගා යනු කවුරුන්ද?

(බුදුරදුන් මාර දූවරුන් පරාජය කළ අවස්ථාව)

මේ ලෝකයට මාරයා යනුවෙන් අයෙක් පත්වන්නේ කෙසේද?..

ඕපපාතිකව පහළ වන චරිත වලට මව්වරුන් පියවරුන් සිටීද? ඒ කෙසේද?..

කකුසඳ බුදුන් කළ මාරයා ව සිටි, ගෞතම බුද්ධ ශාසනයේදී රහත් ඵල ලබා ඍද්ධි බල ලාභීන් අතර අග්‍රස්ථානයට පත් මුගලන් මහ රහතන් වහන්සේ..





4.) ආනන්ද මෛත්‍රෙය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු


".....ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා. මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා....>>"



5.) බණ පොතේ මාර කථාව මා පිළිගන්නවා - බළංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි


".......කෙළින්ම උන්වහන්සේගෙන් පළිගන්න බැරි වුණාම බුදුහාමුදුරුවන්ට අධික භක්තියෙන් උදව් උපකාර කළ අයගෙන් පළි ගත්තා. ශාක්‍ය රජ පවුල විනාශ වන තැනට කරුණු සැලැස්සුවා. කොසොල් රජ්ජුරුවන්ගේ අවසාන මොහොත අනාථව මහමඟ නවාතැන් පොළක මැරෙන්නයි සිදු වුණේ. බුදුහාමුදුරුවන්ගේ මහා දායකයා තමයි අනේපිඬු සිටුතුමා. එතුමා එක් කලෙක අන්තිම දුප්පත් තත්වයට වැටුණා. බිම්බිසාර රජු ඔහුගේ පුතා ලවා අන්තිම දුක්ඛිත මරණයකට පත් කෙරෙව්වා. මේ විදිහට බුදුහාමුදුරුවන්ට හුඟක් උදව් කළ අයගෙන් මාරයා පළි ගත්තා.


ඊළඟට බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් කෙලුවා. බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ, සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා. නමුත් නොයෙක් භේද ඇති වුණා. ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කළත් උතුරේ ථෙරවාදය නැතිවන තැනට කටයුතු යෙදුණා. මහායානය බලවත් වුණා. අන්තිමට මුසල්මාන්වරුන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා. ඉස්සර ගාන්ධාරය සම්පූර්ණ බෞද්ධ රටක්. අද ඒක අබෞද්ධ රටක්. ටාටරික් ඉස්සර ජීනයට අයිති බෞද්ධ රටක්. ශිලාලේඛන හා හමුවන බෞද්ධ පොත් පත්වලින් ඒ කාරණය පැහැදිලි වෙනවා. අද එක බෞද්ධයෙක්වත් ඒ රටේ නැහැ. ජාවාරට, මාලදිවයින ආදියත් ඉස්සර බෞද්ධ රටවල්. නමුත් ඒ සියල්ලේම බුද්ධාගම නැති වෙන්න කරුණු සැලසුණා. යන්තම් ඉතිරිවුණේ ලංකාවෙ, සියමෙ, බුරුමයේ පමණයි. කාම්බෝජයේ තිබුණා. ඒත් ඒක එක දවසින් විනාශ කළා.


සියළුම භික්ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකව භාවනායෝගීව සිටියේ නම් මාරයාට මොකවත් කරන්න බැහැ. ඒ පැත්ත දුර්වල වෙනකොට මාරයාට ඉඩ ලැබෙනවා. දෙවියන් විසින් කළ හැකි දෙයකුත් නැහැ. දෙවියන් වුණත් බලවත් වෙන්නේ අප පින්කරලා පින් අනුමෝදන් කළාම. අප නිකම් සිරිතක් වශයෙන් "එත්තාවතාව අම්හේහි" කියලා කියනවා. ඒත් දෙවියන්ට අනුමෝදන් වෙන්න දෙයක් නැහැ. මෙහේ කරන පින්කම් වැඩි හරිය නම්බුව කීර්තිය බලාගෙන කරන ඒවනේ. ශ්‍රද්ධාව බොහොම ටිකයි තියෙන්නේ. සල්ලි එකතු කිරීම, ආධාර එකතු කිරීම වැනි වෙනත් අරමුණු වැඩි කරියක් පින්කම් අස්සේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට කරලා එත්තාවතාච.... කිව්වාම පින් අනුමෝදන් වෙන දෙවියකු ඉන්නවයැ. ඉතින් අනුමෝදන් වෙලා බලවත් වෙන්න අප කරන පින් දෙවිවරුන්ට මදි. ඒ නිසා අපේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බොහොම දුර්වලයි. මාරයාගේ පැත්තේ මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු බලවත්. ඒ නිසා බුද්ධ ශාසනය විනාශ කිරීමට නිතරම උත්සාහ ගන්නවා.....>>."